ජාතික ජන බලවේගය ගොඩනැඟී අවස්ථාවේ සිට එම සන්ධානය සමග කටයුතු කළ සමාජ සාධාරණ පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වෙයි.
එම පක්ෂයේ නායක නජා මොහොමඩ් පවසන්නේ ජාතික ජන බලවේගය තුළ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ වී සෙසු පක්ෂ වහලුන් සේ සලකන බවයි.
ජාතික ජන බලවේගයේ තීන්දු තීරණ ගැනීමේ දී සිය පක්ෂවල අදහස් ලබා නොගන්නා අතර සිය ඉල්ලීම් සඳහා සතුටුදායක පිළිතුරු නොලැබුණු බව ද හෙතෙම අවධාරණය කරයි.
එවනි පිරිසක් සමග තව දුරටත් දේශපාලනය කළ නොහැකි නිසා ජාතික ජන බලවේගයෙන් තමන් ඉවත් වන බවයි, නජා මොහොමඩ් ප්‍රකාශ කළේ.
අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.