ජනාධිපතිවරණ උණුසම ඉහළට… නාමල් සහ සුමන්දිරන් අතර හමුවක්…!

August 10, 2024 at 7:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හමු වී සාකච්ඡා කොට තිබේ.

දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු මෙන් ම උතුරු නැගෙනහිර පළාත්හි සංවර්ධනය පිළිබඳව ද එහි දී සාකච්ඡා කොට තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් උතුරේ මන්ත්‍රීවරුන් සමග එකතු වී එහි සංවර්ධන සඳහා කටයුතු කිරීමට සූදානම් බව නාමල් රාජපක්ෂ එහි දී සඳහන් කළ බව පොදුජන පෙරමුණේ උතුරු නැගෙනහිර නියෝජිත ගීතනාත් කාසිලිංගම් ප්‍රකාශ කරයි.

එළඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ ද නොකළ ද උතුරේ ජනතාවට දීප්තිමත් අනාගතයක් උදාවනු දැකීම තම කැමැත්ත බවත් උතුරු නැගෙහිර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සිය අභිලාෂය බවත් නාමල් රාජපක්ෂ එහි දී වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *