ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් පමණ රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
පොදුජන පෙරමුණ යනු තමන් නිදි මරාගෙන ගොඩනැඟූ පක්ෂය බවත් සුළුතරයක් එහි බලය තබා ගැනීම වැරදි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ අයිතිය තම පාර්ශ්වය ලබා ගන්නා බවත් නැතහොත් පොහොට්ටුව නමට තිබිය දී එහි බලය තමන් ලබා ගන්නා බවත් එස්.එම්. චන්ද්‍රසේන අවධාරණය කරයි.