ජනාධිපතිවරණෙට රනිල් එනවාද කියලා තවම ස්ථිර නෑ…! – චන්න ජයසුමන…

July 28, 2024 at 9:05 am | by emanisa.lk

2019 ජනාධිපතිවරණය සඳහා චමල් රාජපක්ෂ ද ඇප මුදල් තැන්පත් කළ ඔහු අවසානයේ නාම යෝජනා ඉදිරිපත් නොකළ බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

එසේ ම රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැන්පත් කළ ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වනු ඇතැයි මෙතෙක් තහවුරු කළ නොහැකි බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එළඹෙන සඳුදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ සිය තීරණය ගනු ඇති බව ද චන්න ජයසුමන ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *