ජනාධිපතිවරණය පරාජය වුණේ අපේක්ෂකත්වය පමා වුණ නිසයි! එජාප නායකකම වේලාසන දුන්නොත් මහ ඡන්දේ දිනලා පෙන්නනවා!

January 7, 2020 at 7:52 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ප්‍රමාද වී අපේක්ෂකත්වය ලබා දීමේ ඵල විපාක එජාපය දැන් භුක්ති විඳිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තමන්ට ජනපති අපේක්ෂත්වය ලැබුනේ ප්‍රතිවාදී අපේක්ෂකයා වට හතරක් පමණ රට වටේ ගිය පසුව බව ඔහු පෙන්වා දෙයි.

මෙවර මහ මැතිවරණයේදී හෝ අන්තිම මොහොත වන තුරු නොසිට තමන්ට නායකත්වය ලබා දෙන්නේ නම් රට වටේ ගොස් එජාපය ජයග්‍රහණය කිරිමට කටයුතු කරන බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම නායකත්වයට කවරෙකු පත් වුවද ඔහුට අවහිර කිරීමට තමන් කටයුතු නොකරන බවත්, විපක්ෂ නායක අසුන රනිල් වික්‍රමසිංහට ලබා දුන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීමක් වශයෙන් බවත් සජිත් ප්‍රේමදාස පවසයි.
..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස