ජනාධිපතිවරණය නොවැම්බර් 16! එජාප අපේක්ෂකයා තවම නෑ! සජිත් ඉල්ලා අරලිය මන්දිරේ වටලන සැලසුමක්!

September 19, 2019 at 8:59 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය අපේක්ෂකයන් ප්‍රකාශට පත් කර තිබේ. එපමණක් නොව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි සුළු පක්ෂ ද මේ වන විට සිය ජනාධිපති අපේක්ෂකයා නම් කර අවසන්ය.

එහෙත් වර්තමාන එජාප ආණ්ඩුව සිය ජනාධිපති අපේක්ෂකයා නම් කර නොමැත. මේ ආකාරයට අපේක්ෂකයා නම් නොකර එජාප නායකයා කල් මැරීම නිසා එජාප පාක්ෂිකයන් දැඩි ලෙස කෝපයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මේ සති අන්තය වන විට එජාප ජනාධිපති අපේක්ෂකයා නම් නොකළහොත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය වටළා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන තෙක් උද්ඝෝෂණය කිරීමට තීරණය කර ඇතැයි එජාප රාජ්‍ය ඇමතිවරයකු පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස