ජනාධිපතිවරණය දිනන්න පුළුවන් සජිත්ට විතරයි! අපේක්ෂකත්වය නොදුන්නොත් කොළඹ වටලනවා!-දිලිප් වෙදආරච්චි

August 26, 2019 at 10:46 pm | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අද (26) සවස තංගල්ලේ දී පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ධීවර රාජ්‍ය ඇමතිවරයා මෙසේද පැවැසීය.

“94 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පැරදුනාම කතරගම පැවති සම්මේලනයේදී එතුමා පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න සූදානම් වුණා.

නමුත් අපි එතුමාට එසේ නායකත්වයෙන් ඉවත් වෙන්න එපා කියා ඉල්ලීමක් කළා. එතැන් පටන් එතුමා විපක්ෂ නායකයා ලෙස මේ රටේ අවුරුදු 25 ක් හිටියා.

දැන් එ.ජා.ප.ට ජනාධිපතිවරයෙකු බිහි කර ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. එය ජයග්‍රහණය කරන්න පුළුවන් වන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වයට දැම්මොත් පමණයි.

එම අවස්ථාව මග නොහරින ලෙසට මම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස