ජනාධිපතිවරණය ගැන ජ්‍යෝතිෂ අනාවැකි බෑ…!

September 3, 2024 at 11:48 am | by emanisa.lk

ජංගම දුරකතන කෙටි පණිවිඩ මත විමසීම්, උපකාරක පන්ති ඡන්ද විමසීම්,ජ්‍යෝතිෂ්‍යවේදීන් ජනාධිපතිවරණය පිළිබඳව විවිධ මත දැක්වීම් මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් සිදුකිරීමක් ලෙස සැලකිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරණයට බාධා වන ආකාරයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කරන පිරිසට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොමසාරිස් ජනරාල්වරයා කීවේ ය.

ජනාධිපතිවරණය පිළිබඳව ජනතාව තුළ බියක් නිර්මාණය කර අයුතු බලපෑම් සිදුකිරීමට උත්සාහ දැරීම බලවත් වරදක් බව හෙතෙම අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *