ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ විශ්වාස කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ජනාධිපතිවරයා සහය පළ කරන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව විසින් ඊයේ (03) ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගෙන් නීතිඥයින් සමග මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ලබානොගත් බවය.