ජනාධිපතිවරණය කල් දමන නඩුව දැමූ ව්‍යාපාරිකයා 2020 ජාතික ලැයිස්තුවේ…!

July 4, 2024 at 4:57 pm | by emanisa.lk

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ගොනු ඇත්තේ 2020 මහ මැතිවරණය සඳහා තරඟ කළ දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයකු බව වාර්තා වෙයි.

ඒ 2019 ජනාධිපතිවරණය සඳහා තරඟ කළ ආචාර්ය රොහාන් පල්ලේවත්ත නායකත්වය දරන ජාතික සංවර්ධන පෙරමුණයි.

එම පක්ෂය 2020 වසරේ මහා මැතිවරණය සඳහා තරඟ වැදී ඇති අතර එහි ජාතික ලැයිස්තුවේ චමින්ද්‍ර දයාන් ලේනව මහතාගේ නම ද ඇත.

රොහාන් පල්ලේවත්ත මහතා පසුව සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සමගි ජන බලවේගයට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *