ජනාධිපතිවරණය ඉලක්ක කර මොළ හෝදන්න එජාපයෙන් වෙබ් අඩවි විස්සක්! ඇමරිකාවෙනුත් රුපියල් ලක්ෂ 160ක්!

April 20, 2019 at 7:38 am | by admin

එළඹෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිරූපය ගොඩනැඟීම සඳහා නව වෙබ් අඩවි විස්සක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

මේ කටයුතු මෙහෙයවීම සඳහා එජාපයට හිතැති දේශපාලන පුවත් නිර්මාණයෙහිලා විශේෂඥ දැනුම ඇති සුවිශේෂ පිරිසක් යොදා ගැනීමට නියමිත අතර ඔවුන්ට ඉලක්කම් හයත් හතත් අතර මාසික දීමනාවක් ලබා දීමට නියමිතය.

රටේ මහජන මතය ගොඩනැඟීමෙහිලා වෙඩ් අඩවිවලට සුවිශේෂ හැකියාවක් තිබීමත් රටේ බොහෝ පිරිසක් වෙබ් අඩවි පරිශීලනයට නැඹුරු වී තිබීමත් මෙයට හේතු වී තිබේ.

මේ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් ලක්ෂයක් එනම් රුපියල් ලක්ෂ 160ක් පමණ වෙන් කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේ දී එජාපයට හිතැති ජනමතයක් ගොඩනැඟීමට වෙබ් අඩවි දැක්වූ දායකත්වය මෙහිලා බලපා ඇත.

පසුගියදා අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ එජාපයට සුළු වාර්ගික ඡන්ද 80%ක් ලබාගත හැකි බවත් සිංහල ඡන්ද 40%ක් ලබා ගැනීම ගැටලුවක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස