ජනාධිපතිවරණයේ දී ස්වාධීන වූ ජනාධිපතිට නිළ නිවස තෑගි කරයි! – මංගලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

October 15, 2019 at 11:06 pm | by emanisa.lk

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේනගේ ආරක්‍ෂාව සදහා විශේෂ කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෛත‍්‍රීපාල සිරිසේන මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ අතර අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර ඇත.

ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේනට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්‍ෂාවක් දිය යුතු නිසා බවය.

ජනාධිපතිවරයා මෙම නිල නිවස විශ්‍රාම ගිය පසු ද භාවිතයට අවසර ඉල්ලා ඇතැයි පසුගියදා වාර්තා වූ අතර එය පසුගියදා කෝටි ගණනක මුදලක් වෙන්කර නවීකරණය කළේය. කෙසේ වුවද ජනාධිපතිවරයා 2015 ප්‍රකාශ කළේ පොළොන්නරුවේ සිය නිවසේ සිට රට පාලනය කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස