ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප සහාය ගෝඨාභයටයි! -ගෝඨාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමින් දයාසිරි කියයි….

October 9, 2019 at 12:25 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

අද (08) ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැති පක්ෂ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එජාපයට සහාය පළ කිරීමට තම පක්ෂයට කිසිදු උවමනාවක් නොමැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන ආණ්ඩුවකට සහාය වීමට තමන් සූදානම් නොමැති බව අවධාරණය කළේය. තමා සහයෝගය ලබා දෙන්නේ පොහොට්ටුවට නොව ගෝඨාභය රාජපක්ෂට බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස