ජනාධිපතිවරණයේදී ලැබෙන්නෙත් විශ්වාසභංගයේදී ලැබුණු තීන්දුවම තමයි! – මනෝ ගනේෂන්

July 12, 2019 at 10:22 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට විශාල ප්‍රසාදයක් තවමත් ඇති බව විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් තහවුරු වුණේ යැයි ඇමති මනෝ ගනේෂන් පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ලැබෙන්නේ ද විශ්වාසභංගයේ දී ලැබුණු ප්‍රතිඵලය ම බව සඳහන් කළ ඇමතිවරයා මහජන ප්‍රසාදය ද ඒ ආකාරයටම ඇති වනු ඇතැයි අවධාරණය කළේය.

ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමෙන් පසු ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස