පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල සහ අලුතින් තමන් සමග එකතු වන පාර්ශ්ව සලකා බැලීමේ දී ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස නියත ලෙස ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් පවසයි.
ඔහු අවධාරණය කළේ, එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් ම තෙවන ස්ථානයට පත්වන බවයි.
මෙතෙක් මැතිවරණවල දී 3% පමණ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ ලක්ෂ 3-4 ඡන්ද පදනමක් හිමි ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය එකවර දහ පහළොස් ගුණයකින් වැඩි වී ඡන්ද ලක්ෂ 50-55ක් වනු ඇතැයි සිතිය නොහැකි බව ද රවූෆ් හකීම් පෙන්වා දෙයි.
උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් දෙමළ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් සන්ධානගත වන්නේ ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂකයන් සමග කේවල් කිරීමක් සඳහා බව ද හෙතෙම කීය.