ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි රනිල්ගෙන් තිදෙනෙකුට ඇරයුම්!

July 6, 2019 at 10:50 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනෙකුට වෙන වෙනම දැනුම් දී තිබේ.

ඒ ඇමති රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා සහ පාඨලි චම්පක රණවකටය. ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ගෙන ඒමේ වෑයම අසාර්ථක වීමත් සමග අගමැති මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ නායකත්වය ආරක්ෂා කරගෙන නැවත අගමැති ධුරයට පත්වීම රනිල්ගේ සැලසුම බවත් 19 වෙනි සංශෝධනය සමග ජනාධිපතිවරයා දුර්වල වී අගමැති ප්‍රබල වීම ඊට හේතුව බවත් වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස