ජනාධිපතිවරණයට පොහොට්ටු සහ එජාප කඳවුරු විතරයි! ශ්‍රීලනිප මන්ත්‍රී ඉල්ලීම් ජනපති ඉවත දමයි!

June 20, 2019 at 7:33 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තුන් කොන් සටනකට නොයන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තරගය එන්නේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර පමණක් බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ පක්ෂ මූලස්ථානයේ අද පැවැති හමුවකට සහභාගි වෙමිනි.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වශයෙන් මැතිවරණ තුනක් ඒමට නියමිතව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ කිසිවකදී පාක්ෂිකයා අතරමං නොකරන බවද කීවේය.

ප්‍රධාන කණ්ඩායම් දෙකේම අභ්‍යන්තර ගැටළු පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස