ජනාධිපතිවරණයට පෙර රනිල් රවී අත්අඩංගුවට! චෝදනාව බැඳුම්කර හොරකම! නායකයාට එරෙහිව කබීර් මලික් සාක්ෂි දෙයි!

September 5, 2019 at 9:44 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ එජාප උප නායක ඇමති රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇතැයි එජාප හිතැති වෙබ් අඩවියක් හෙළි කර ඇත.

ජනාධිපතිවරයා මොවුන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් බව ද එහි සඳහන් වෙයි. පසුගිය 03 වෙනිදා පැවති ශ්‍රීලනිප සම්මේලනයේ දී ජනාධිපතිවරයා සිය කතාවේ දී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරු නීතිය හමුවට ගෙන ඒමට සූදානම් යැයි කීවේ එම සැලසුමේ කොටසක් ලෙස බව ද එහි පැවසෙයි.

මෙම නඩුවේ දී එජාප වර්තමාන සභාපති කබීර් හෂීම් සහ හිටපු සභාපති මලික් සමරවික්‍රම අගමැති රනිල් සහ ඇමති රවීට එරෙහිව සාක්ෂි ලබා දීමට සූදානම් බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස