ජනාධිපතිවරණයට ජවිපෙ අපේක්ෂකයෙක්!

February 3, 2019 at 11:41 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයද අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය‍

ජනතා විමුක්ති පෙරමුණ ඕවෑව විටම මැතිවරණවලට සූදානම් බවත්, තම පක්ෂය දේශපාලනය කරන්නේ මැතිවරණයක් ආසන්න වූ විට පමණක් නොවන බවත් කී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මහතා; ආණ්ඩුවට මැතිවරණ කල් දැමීමේ කිසිදු අයිතියක් නැති බව ද පෙන්වා දුන්නේය.

1982 පළමු ජනාධිපතිවරණයට ජවිපෙ නායක රෝහණ විජේවීර ඉදිරිපත් විය. 1989 ජනාධිපතිවරණය ජවිපෙ වර්ජනය කළේය. 1994 ජනාධිපතිවරණයට නිහාල් ගලප්පත්ති ඉදිරිපත් වූ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකා කුමාරතුංග සමග ගිවිසුම්ගත වී තරඟයෙන් ඉවත් විය. 1999 ජනාධිපතිවරණයට ජවිපෙන් නන්දන ගුණතිලක ඉදිරිපත් වූ අතර ඔහු මේ වන විට පානදුර ආසනයේ එජාප සංවිධායකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *