ජනාධිපතිතුමා හෙට අනිත්දා එකෙක් දෙන්නෙක් එල්ලනවා! එතකොට ජනතාව එතුමා නැවත ජනාධිපති අපේක්ෂක කරනවා! – ඉසුරු දේවප්‍රිය

April 19, 2019 at 4:32 pm | by admin

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කාගේ නම් යෝජනා වුවද අවසානයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් ඒ හැර විකල්පයක් නැති බවත් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා පවසයි.

පසුගිය සමයේ ජනාධිපතිවරයා කළ වැඩ කටයුතු නිසා එතුමා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති බව ද මත්ද්‍රව්‍ය විරෝධී සටන නොනවත්වා ඉදිරියට ගෙන ගොස් ළඟදීම එකෙකු දෙන්නෙකු එල්ලූ පසු ජනතාව ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරනු ඇතැයි ද මහ ඇමතිවරයා අවධාරණය කළේය.

මීට දින කිහිපයකට පෙර මහ ඇමතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයකු නොමැති බවත් දයාසිරි ජයසේකර සිය පෞද්ගලික මතවාද ප්‍රකාශ කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස