වත්මන් ආණ්ඩුව බලයට ගෙනා සංවිධාන ඉවත දමා වියත් මග වැනි පොෂ් සංවිධාන ළංකර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ ඇතැම් පත් කිරීම් පිළිගත නොහැකි බවත් සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.
ගෝඨාභය රාජපක්ෂ මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව උන්වහන්සේ පෙන්වා දෙති.
මහින්ද රාජපක්ෂට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂට නැති බවද උන්වහන්සේ කියා සිටියහ.
ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.