ජනාධිපතිතුමා පාපිසි කතාව කීවේ මාලිමාවේ අයට නෙමෙයි, පක්ෂෙන් ගිය අයට….! – නජිත් ඉන්දික…

June 4, 2025 at 9:04 am | by emanisa.lk

ජනාධිපත් අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දින සැමරුමේ දී පාපිසි කතාවක් කීවේ ජාතික ජන බලවේගයේ කිසිවකු ඉලක්ක කරගෙන නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.

“ඇත්තටම මේ පාපිස්සේ කතාව කරනකොට එතන මම හිටියා. අපි හැමෝම හිටියා ඒ වෙලාවෙ. ඒක ජනාධිපතිතුමා නිශ්චිතව ඒ කතාව කියපු විදියක් තිබුණා. ඕනෙ කෙනෙකුට දැන් බලන්න පුළුවන්, ඒකෙ කිව්වේ අපේ ව්‍යාපාරය තුළ හිටියේ නැත්නම් යම් කාලෙක, සමහර තැන්වල පාපිස්සටවත් ගන්නෙ නැති අය දැන් අපේ ව්‍යාපාරයෙන් ගිහිල්ලා … කියන කතාව තමයි ඔහු ප්‍රකාශ කළේ. මට හරියටම වාක්‍ය මතක නෑ. ඔහු කළේ, අපේ ව්‍යාපාරයේ ඉඳලා ගිහිල්ලා අනිත් කඳවුර ඇතුළෙ ඉඳගෙන අපට චෝදනා කරන පිරිස ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක්.

නැතුව පක්ෂය ඇතුළෙ ඉඳගෙන ජාතික ජන බලවේගයේ අයට කියපු එකක් නෙවෙයි ඒක හොඳට බැලුවොත්. මේක මේ මේ කතාවට සහභාගී වෙන වීරකුමාර දිසානායක මහත්මයා අහුවෙනවා, මං කියන්නෙ එතුමාට නෙවෙයි, එතුමාගේ කඳවුරේ වෙනත් කෙනෙකු ඉලක්ක කරලා කියපු විදියක් තමයි මට තේරුණේ, මේ කතාවෙන්. ඒ කතාව නැවත බලන්න පුළුවන් ඕනෙ කෙනෙකුට යූටියුබ් එකෙන්. අපේ ව්‍යාපාරයේ ඉඳලා ඒ වටිනාකම් ගත්තෙ නැත්නම් අනිත් ව්‍යාපාරවල දොරකඩ පාපිස්සටවත් ගන්නෙ නැති මින්ස්සු දැන් අපිට මෙහෙම කියනවා කියන එක තමයි කිව්වෙ.”

නජිත් ඉන්දික මේ බව පැවසුවේ ඊයේ (03) දෙරණ වාදපිටිය වැඩසටහට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *