ජනාධිපතිතුමා ගැන ආඩම්බර වෙනවා..! – කිරිඇල්ල…

August 9, 2022 at 4:29 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි සමගි ජන බලවේග මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

බුදුන්වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ දරුවන්ට දඬුවම් කිරීම නවත්වමු යැයි ඉල්ලා සිටින බව ද කිරිඇල්ල ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැවසීය.

ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කර දිනා ගැනීමට උත්සාහ කළ දේ බව පැවසූ කිරිඇල්ල, “අප එතුමා ගැන ආඩම්බර වෙනවා”යනුවෙන් ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *