ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.
ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රාජ්‍ය ආයතන 113ක් හඳුනාගෙන ඇති බව ද ලේකම්වරිය ප්‍රකාශ කරයි.
වර්තමාන ඇමැතිවරයාට සහ නි. ඇමතිවරයාට සිය හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්කර ගැනීමට එම ආයතන පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව ද තිලකා ජයසුන්දර අවධාරණය කරයි.
තව සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ජනාධිපතිතුමාට සහ ඇමතිවරයාට යොමු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඉහළින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව බව ද ලේකම්වරිය සඳහන් කරයි.
කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ හමුවක් අමතමින් ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළාය.