ජනාධිපතිතුමාගේ කාබනික ගොවිතැන සම්පූර්ණයෙන් ම අගය කරනවා..! – රතන හිමි…

October 25, 2021 at 9:51 am | by emanisa.lk

කාබනික ගොවිතැන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීන්දුව තමා සම්පූර්ණයෙන් ම අගය කරන බව අපේ ජනබල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

ඊයේ (24) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.

“ප්‍රධාන වශයෙන් ගොවිතැන ආශ්‍රිතව ඇති වෙලා තියෙන ගැටලුව. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පෙන්නුවා ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පටන්ගත්ත එකක් මේක, නිලධාරීනේගේ අතපසුවීම මක කරගනන් බැරි වූ දෙයක් බව.

මේකේ අඩුපාඩුකම් ක්‍රමවේවල ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් එතුමා ඒ ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අගය කරනවා. එකේ ක්‍රීයාකාරීත්වය ගැන මටත් අඩුපාඩුවක් තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *