ජනාධිපති තව හිටියොත් කලිසමත් නැතිව යන්න වෙන්නේ..!

June 10, 2022 at 7:18 am | by emanisa.lk

රට මහා ආගාධයකට ඇද වැටුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඔලමොට්ටල හිතුවක්කාරී තීන්දු තීරණ නිසා බව චමීර පෙරේරා පවසයි.

මේ රට නැවත මහා මේරු පර්වතය රැගෙන ආව ද නැවත සමත් කිරීමට ගෝඨාභයට නොහැකි බවත් හෙතෙම පවසයි.

අද රටේ තුන් වේල නොව එක වේලක් කෑමට නොහැකිව ලත්ෂ ගණනක් ජනතාව දුක් විඳින බවයි, චමීර පෙරේරා පෙන්වා දෙන්නේ.

ජනතාව එම අගාධයට ඇද දැමූ ජනාධිපතිවරයා දැන් වහා ම යා යුතු බවත් එසේ ගියහොත් ඔහුට කලිසම හෝ ඉතිරිකරගත හැකි බව ද ඔහු පවසයි.

එසේ නැත්නම් දැන් සැඟවී සිටින බංකරය නුදුු⁣රේ දී ම බෝට්ටුවක හෝ නැවක සවි කර ගැනීමට සිදුවනු ඇති බව ද චමීර පෙරේරා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *