ජනාධිපතිට කැලෑ පත්තරේ ගැහුවේ මගේ අමාත්‍යංශය තමයි! වෙබ් අඩවියකින් ගත් ඒ ලිපියේ රාජ්‍ය විරෝධි කිසිවක් නෑ! මම ඒ ගැන දන්නෙත් නෑ! – ඇමති කිරිඇල්ල හතර බීරී කතාවක්…

May 3, 2019 at 3:40 pm | by admin

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් භාරයට ජනාධිපතිවරයාට චෝදනා කරන ලිපියේ පිටපත් 600 තම අමාත්‍යාංශය යටතේ සකස් කළ ඒවා බව රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම ලිපිය වෙබ් අඩවියකින් උපුටා ගත් එකක් බවත් එහි කිසිදු රාජ්‍ය විරෝධි හෝ ජාතිවාදී ප්‍රකාශනයක් නොමැති බවත් හැකි නම් එය මාධ්‍යට මුදා හරින ලෙසත් අභියෝග කළේය.

ජනතාවට වැදගත් තොරතුරු මේ ආකාරයට විහාරස්ථානවලට තැපැල් කිරීම තමන්ගේ පුරුද්දක් බවත් මෙම ලිපියේ අඩංගු කරුණු පිළිබඳ හෝ එය බෙදා හැරීම පිළිබඳ තමා නොදන්නා බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස