ජනාධිපතිගේ පළාත් සභා තුරුම්පුවත් කොට උඩ! මේ අවස්ථාවේ පළාත් සභා ඡන්ද බෑ!- ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි…

September 2, 2019 at 10:58 pm | by emanisa.lk

වර්තමාන නෛතික රාමුව තුළ පළාත් සභා ඡන්දයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

සීමා නිර්ණ සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සීමා නිර්ණ කමිටුව විසින් භාරදී ඇති වාර්තාවේ සීමා නිර්ණ මායිම් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයාට බලයක් නොමැති බැවින් නව ක්‍රමයට හෝ අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන අනුව අදාළ සංශෝධනයට පෙර පැවැති නීතිය යටතේ හෝ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කර ඇත.

පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ සැලසුම වූයේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා ජනාධිපතිවරණයේ දී සිය කේවල් කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික සිය තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ පිළිබඳ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න නිකුත් කළ ලිපිය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස