ජනාධිති තීන්දුවට පිටුපා අයවැයට එරෙහි වන්න ඩිලාන් තීරණය කරයි! බදුල්ලේ වෙල්ගම වැනෙද්දී ඩිලාන් නොසැලෙයි!

April 4, 2019 at 6:19 pm | by admin

පාර්ලිමේන්තුවේදී හෙට  (5) පැවැත්වීමට නියමිත  ‘අයවැය’ අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් පක්‍ෂය කුමන තීරණයක් ගත්තද තමන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.

.මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

අයවැයෙන් ආණ්ඩුව පැරදවීම කළ නොහැකි විය වුවත් ජනතාවට බොරු පොරොන්දු රැසක් දී ඇති එයට විරෝධය දැක්වීම කළ යුතු බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ කිහිපයක් ද මෙවර අයවැයෙහි අන්තර්ගත බැවින් එයට විරුද්ධවීම සාධාරණද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් ප‍්‍රශ්න කරන බව කී මන්ත‍්‍රීවරයා එය ගැටලූවක් කර නොගත යුතු බව ද කීවේය.

මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටි සමයේත්, තවත් අවස්ථාවලදීත් මෙවැනිම තත්ත්වයක් ඇතිවූ බව කී මන්ත‍්‍රීවරයා එම අවස්ථාවේදී පක්‍ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස