ජනහන ආක්‍රමණයක් කළේ මුස්ලිම් ජනතාව නෙමෙයි සිංහලයා! මුස්ලිම් ජනතාව වගේ තුන් ගුණයක් සිංහලයෝ වැඩි වෙලා! – බිමල් රත්නායක (video)

June 30, 2019 at 5:23 pm | by emanisa.lk

1881දී ලංකාවේ මුල්ම ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනතාව 197,000ක් වූ බවත් එය 7.2%ක් බවත් සිංහල ජනගහනය 1,900,000 හෙවත් 66.5%ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.‍ේ‍

ඉන් වසර 130කට පසු 2011දී පැවති ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනගහනය 9.7%ක් හා සිංහල ජනගහනය 74.9%ක් වූ බවත් එනම් මුස්ලිම් ප‍්‍රතිශතය 2.5%කින් ඉහළ යද්දී සිංහල ප‍්‍රතිශතය 8%කින් ඉහළ ගොස් ඇති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

1881දී 24%ක් වූ දෙමල ප‍්‍රතිශතය 2011 වන විට 16% තෙක් 8%කින් අඩු වී ඇති බවත් ඔහු පවසයි.

කාන්තාවන් අධ්‍යාපනයට යොමු කිරීම, විවාහ වයස අවුරුදු 18 කිරීම සහ රැකියා සඳහා අවස්ථාව ලබා දුන් විට දරුවන් 7-8 දෙනෙකු තැනීමට ඉඩක් නැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජාතිවාදී අන්තවාදී අසත්‍ය ප්‍රචාර කුමන පැත්තකින් පැමිණිය ද වැරදි බව ද ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස