ජනවාර්ගික ප්‍රශ්නෙට විසඳුම සිංහල බෞද්ධ සංස්කෘතියයි…! – දිලිත් ජයවීර…

September 9, 2024 at 3:32 pm | by emanisa.lk

දශක තුනක බිහිසුණු ත්‍රස්තවාදයෙන් අගතියට පත් සියලු පාර්ශ්ව වෙත උපතින් ඔබ කුමන ආගමකට ජාතියකට අයත් වුව ද කිසිදු වෙනසක් නැතැයි උගන්වන සිංහල බෞද්ධ සංස්කෘතිය යුක්තිය ඉටු කළ හැකි බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

උපතින් කිසිවෙකු බ්‍රාහ්මණයකු හෝ වසළයකු හෝ නොවන බව උගන්වන සිංහල බෞද්ධ සභ්‍යත්වය සුවිශේෂ බවත් බටහිර ඇතුළු බොහෝ රටවල මෙම වෙනස පවතින බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙරට උපදින කිසිවෙකු මහ ජාතියට හෝ සුළු ජාතියට අයත් නොවන අතර සියලු දෙනා එක සමාන බවත් සිංහල නොවන අයකුගෙන් විමසුව ද තමන්ට කිසිදු බෙදීමක් උවමනා නැතැයි ප්‍රකාශ කරනු ඇති බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.

අපේ ප්‍රශ්නවලට බටහිර දෘෂ්ටි කෝණයෙන් බලා උත්තර දීමට ගොස් තවත් ප්‍රශ්න මතුව ඇති බවත් බලය බෙදිය යුතු දැයි පළමුව ජනතාවගෙන් විමසා බැලිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

පසුගියදා ජනාධිපති පොදු වේදිකාවට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *