ජනවාර්ගික අර්බුදයට විසඳුම් දීමටත් පළාලි සිට ඉන්දියාවට ඍජු ගුවන්සේවා ඇරඹීමටත් මෝදී සූදානම්! – දෙමළ සන්ධානය

June 10, 2019 at 7:35 am | by emanisa.lk

ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සංධානයේ නායකයන් සමග කළ සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැති හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම අතර මෙම සාකච්ඡාව ඊයේ (09) පස්වරු 2.00 ට පමණ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.

එමෙන්ම පළාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර තත්ත්වයට නවීකරණය කර දෙරට අතර ගුවන් සේවයක් ආරම්භ කරන ලෙස දෙමළ සන්ධානය කළ ඉල්ලීමට අවධානය යොමු කරන බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

තවද මෙරට දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් නවදිල්ලි නුවර දී හමුවී සාකච්ඡා කිරීමට වේලාවක් ලබාදෙන ලෙස දෙමළ සන්ධානය කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා ඇති මෝදි අගමැතිවරයා තමා ඊට අවස්ථාව ලබාදෙන බවත් සඳහන් කර ඇති අතර සුදුසු වේලාවක් හා දිනයක් පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස