ජනවරමත් සමග රට පුරා කර්මාන්ත විප්ලවයක් කරනවා! – සජිත්

August 5, 2019 at 10:07 pm | by emanisa.lk

නොවැම්බර් මාසයේ ලබාගන්නා ජනවරමත් සමඟ රට තුළ කර්මාන්ත විප්ලවයක් ඇති කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලෝකයේ කර්මාන්ත විප්ලව හතරක් සිදු වුවද අවසානාවන්ත ලෙස ඒ කිසිවක ඵල ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබුණු බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුවද නොවැම්බරයේ ජනතා තීන්දුව සමග තමා බලයට පත් වූ පසු සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුරයක් ආරම්භ කර ජනතාවට ගමේ සිට රැකියා කිරීම සඳහා කර්මාන්ත විප්ලවයක් සිදු කරන බවට ජනතාවට පොරොන්දු වන බව හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කේරළපත්තු බටහිර ප්‍රදේශයේ ඉදිකෙරුණු ගාන්ධි නගර් සහ මුහයිදීන් අබ්දුල් කාදර් ග්‍රාමම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස