ජනපති සිරිසේනගේ සිංගප්පූරු බොරුව මාට්ටුයි! මහ බැංකු හොරා අල්ලන්න සිංගප්පූරුව ඉල්ලූ ලියකියවිලි තවම දීලා නෑ! (video)

March 20, 2019 at 5:59 pm | by admin

ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවත ශ්‍රී ලංකාවට භාර දීමට සිංගප්පූරු බලධාරීන් කටයුතු නොකළ බවට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චෝදනා කළේය. සිංගප්පූරු අගමැතිවරයාගෙන් ද මේ පිළිබඳ උදව් ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චෝදනාවට පිළිතුරු ලබා දෙමින් සිංගප්පූරු විදේශ අමාත්‍යංශ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන යාමට සිංගප්පූරු නීතිය අනුව උවමනා ලිපි ලේඛන සපයන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් එම ලිපි ලේඛන නොලැබී ඇති බවය.

අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතෙකු වන අතර ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කළේ අගමැතිවරයාගේ උවමනාවට සහ දැඩි ඉල්ලීමටය. එහිදී තමන් අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ වගකීම ගන්නේ යැයි හෙතෙම ප්‍රකාශ කළේය. කෙසේ වුවද මහ බැංු වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත් වීමට පැය කිහිපයකට පෙර අර්ජුන් මහේන්ද්‍රන් රටින් පළාගිය අතර අගමැතිවරයා ප්‍රකාශ කළේ සිය මිතුරා මගුල් ගෙදරක ගිය බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස