ජනපති සහ දේශබන්දු මා පැහැර ගත්තා…! මරණ තර්ජන කර රතන හිමිට මන්ත්‍රීකම අරන් දුන්නා…! – අපේ ජනබල ලේකම් හිමිගෙන් බරපතළ හෙළිදරව්වක්….

June 18, 2021 at 1:19 pm | by emanisa.lk

අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අතුරලියේ රතන හිමියන්ට ලබා දීමට ආණ්ඩුව බිහිසුණු කුමන්ත්‍රණයක් දියත් කළ බව සඳහා එම පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පවසති.

පක්ෂයේ මන්ත්‍රී ධූරය පිළිබඳ ගැටලුව විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් අනුව එහි පැමිණි තමා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පැහැරගත් බව ද එහිමියෝ හෙළි කරති.

අනතුරුව තමා පැහැර ගෙන දවස් ගණනක් කන්න බොන්න නොදී මරණීය තර්ජනය කර අතුරලියේ රතන හිමිට මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා සිය අත්සන බලහත්කාරයෙන් ලබා ගත් බව ද වේදිනිගම හිමියෝ සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *