ජනපති රටට ම ආදර්ශයක් වෙයි…! UN මහ සමුළුවට ජනපති සමග 4 දෙනයි….! ඉතිහාසයේ UN ගිය අඩු ම දූත පිරිස එයයි..!

September 19, 2021 at 9:14 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

මෙම සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග ගොස් ඇත්තේ තිදෙනෙකු පමණි.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වන්නේ මෙරට ඉතිහාසයේ අඩු ම දූත පිරිස බව වාර්තා වෙයි.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇත්තේ ඇගේ පෞද්ගලික වියදමිනි.

ජනාධිපතිවරයාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර කොවිඩ් තත්ත්වය නිසා සිය මුනුපුරා බැලීම සඳහා යාමට තිබූ පෞද්ගලික සංචාරය ද අවලංගු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස