ජනපති මල්ලිගෙන් අගමැති අයියාට උපන් දින සුබ පැතුම්…!

November 18, 2021 at 12:43 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ.

ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබු මහින්ද රාජපක්ෂ මහතාට සුබ ජන්ම දිනයක් වේවායි ජනාධිපතිවරයා එයින් සුබ පැතුම් එක්කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබේ.

ජනාධිපතිවරයා තැබු සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය.

– උපුටාගැනීම –

“කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම්පැවතුම් අරුමයක් නොවේ.

එදාමෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත් ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක් ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීම ද මා ලද භාග්‍යයකි.

ලාංකේය දේශපාලනයේ නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස