ජනපති මඩු වලිගය ගනී! ජාතික ආණ්ඩුවේ ඇමති සිහින බොඳවෙයි!

February 4, 2019 at 5:22 pm | by admin

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමතිවරු ගණන සහ විෂය තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. එහෙයින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගත්ත ද ඒ කිසිවකට එකඟ නොවී ඇමති තනතුරු 30ට වඩා අඩුවෙන් තබා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. කිසිවෙක් ඒ සඳහා උත්සාහ කළ ද ජනාධිපතිවරයා ඊට ඉඩ ලබා නොදෙනු ඇතැයි මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරයි.

රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත්වී කැබිනට් මණ්ඩලය පත් කිරීම සඳහා නාම යෝජනා 36ක පමණ ලැයිස්තුවක් ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ ද එම නාම ලේඛනය නැවත 30 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. එපමණක් නොව සරත් ෆොන්සේකාට සහ පාලිත රංගෙ බණ්ඩාරට ඇමති තනතුරු ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එකතු වන කිසිවකුට ඇමති තනතුරු ලබා නොදෙන බව ද අවධාරණය කළේය. මේ කිසිම තීන්දුවක් ආපසු හැරවීමට ආණ්ඩුවට හැකි වූයේ නැත.

අද ජාතික නිදහස් උළෙල අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මාධ්‍යවල සඳහන් ආකාරයට එක මන්ත්‍රීවරයකු එකතු කරගෙන ජාතික ආණ්ඩු සාදා ඇමති තනතුරු ඉහළ නංවා ගැනීමේ ක්‍රමයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස