ජනපති පොහොර තහනමටත් කොකා පෙන්නයි….! ටොන් 10 000ක් රහසේ ම කොළඹ වරායට ගෙනෙයි….!

July 15, 2021 at 6:59 am | by emanisa.lk

ඉන්දුනීසියාවේ සිට යූරියා පොහොර තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම මැයි 06 වන දා සිට තහනම්කර ඇති පසුබිමක මෙලෙස යූරියා පොහොර ටොන් 9795ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා සඳහන් කළේ මෙම යූරියා තොගය නැව්ගත කළ දිනය සහ අදාළ නෞකාව මෙරටට පැමිණීමට ගමන් ආරම්භ කළ දිනය පිළිබඳව ද කරුණු සොයාබලන බවය.

එම තොග නැව්ගත කර ඇත්තේ මෙරට රසායනික පොහොර තහනම පැනවීමට පෙර ද එසේත් නැතිනම් පසුව ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් විමර්ශන සිදුකරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් විමර්ශන අවසන් වන තෙක් අදාල නෞකාව රේගු භාරයේ රඳවා තබාගන්නා බව ද ඔහු පැවසීය. මෙලෙස පොහාර තොගයක් වරායට පැමිණ ඇති බව පසුගියදා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස අනාවරණය කළේ ය.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ තවත් මාස තුනකට පොහොර තොග නොලැබෙන බව පොහොර සමාගම් තමන්ට පැවසූ පසුබිමක මෙලෙස පොහොර ගෙන ඒම ජාවාරමක් බවත් ඒ සඳහා ඉඩක් නොලැබෙන බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස