ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 10 වන දින සිට එනම් පොසොන් පුර පසළොස්වක පොහෝ දින සිට ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර දිසානායක මහතා සිදු කරන පස්වන නිල සංචාරය මෙයයි.
ඉන්දියාව, චීනය, කටාර්, වියට්නාමය යන රටවල ඒ මහතා මීට පෙර සංචාරය කළේය.