ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉක්මණින්ම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය ධූර රැසක් වෙනස් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් නව විදේශ ඇමති ලෙස පත් කිරීමට නියමිත අතර දැනට එම තනතුර දරන දිනේෂ් ගුණවර්ධන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගැනීමට නියමිතය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කිරීමට නියමිත අතර ඔහුගේ වර්තමාන විෂය කෙහෙළිය රඹුක්වැල්ලට පැවරීමට නියමිතය.
ඇමැති රඹුක්වැල්ලගේ ජනමාධ්‍ය අමාත්‍යංශය විදුලිබල ඇමතිවරයා වන ඩලස් අලහප්පෙරුම වෙත ලබා දීමට නියමිතය.
විදුලිබල අමාත්‍යාංශය වත්මන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත යාමට නියමිත අතර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග නව අධ්‍යාපන ඇමතිවරයා වීමට නියමිතය.
ඊයේ (10) සිදුවනු ඇතැයි අනුමාන කරන ලද මෙම සංශෝධනය ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරෙණු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.