ජනපති පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක සභාවේ පළු අරී! ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවරු 12ක් ප්‍රතික්ෂේප කරලා!

February 7, 2019 at 1:23 am | by admin

කිසිදු හේතුවක් නොදන්වා විනිසුරුවරුන්ගේ නම් 12ක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය.

අගවිනිසුරුවරයා එවන ලද විනිසුරුවරුන්ගේ නම් තමා ව්‍යවස්ථාදායක සභාවට එවන ලද බවත් ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන හේතු ජනාධිපතිවරයා ලෙස තමාටවත් දැනුම් දී නොමැති බවත් සිරිසේන මහතා කීවේය.

අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට නම් විනිසුරුවන් ප්‍රතික්ෂේප කිරීමට හේතු දැක්විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ණය සහන මණ්ඩල පනත විවාදයට එක්වෙමින් එසේ කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායකවරයා තමාට එවූ ලිපියේ, ජ්‍යෙෂ්ඨත්වයට විනිසුරුවරුන්ට තනතුරු නොදෙන බව සඳහන් කර තිබීම කනගාටුදායක කරුණක් බව ද පෙන්වාදුන්නේය.

කුසලතාව හා දක්ෂතාව මත පමණක් විනිසුරුවන්ට තනතුරු ලබාදෙන බව කථානායකවරයා සඳහන් කර ඇති බවත් විනිසුරුවරුන්ගේ කනස්සල්ල අධිකරණයේ ඛේදනීය තත්ත්වයක් බවට පත්විය හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *