ජනපති පරිසර දැක්ම ආණ්ඩුවට පත්තියම් වෙයි! අගමැති හමුවට ප්ලාස්ටික් වෙනුවට වීදුරු වතුරු බෝතල්!

March 4, 2020 at 10:39 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡා මේසයක් සඳහා සුපුරුදු ප්ලාස්ටික් වතුරු බෝතල් වෙනුවට වීදුරු වතුරු බෝතල් තබා තිබෙනු දැකගත හැකි විය.

මෙයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සාකච්ඡා මේසයෙන් ප්ලාස්ටික් වතුරු බෝතල් ඉවත් කර ඒ වෙනුවට වතුර වීදුරු තබා තිබිණි.

ජනාධිපතිවරයාගේ පරිසර හිතවාදී ප්‍රතිපත්තිය අගමැතිවරයා ද අගය කරමින් ආදර්ශයට ගැනීම සමාජ මාධ්‍යවල පැසසුමට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *