ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි පෞද්ගලික නිවසට ඉකුත් 9 වැනි දා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.
මෙම සිදුවීමට අදාලව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනයට අදාලව ලබාගත් විඩියෝ දර්ශන ඇසුරින් මෙම හානි සිදු කිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම්වලට අවශ්‍යව ඇත.
ඒ අනුව, නිවැරදි අපරාධකරුවන් හඳුනා ගනිමින් අවශ්‍ය නෛතික පියවර ගැනීම සඳහා මීට අදාළ ඡායාරූප 14 ක් නිකුත් කර තිබේ.
මෙම ඡායාරූපවල සිටින පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වට්සැප් මඟින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
071-8594950
071-8594929
011-2422176