ජනපති දේශපාලන සංස්කෘතිය දෙපයින් සිටුවයි…..! මෛත්‍රී මුල්ගල තැබූ පාසල විවෘත කරන්න ඔහුට ම දෙයි….!

January 16, 2021 at 6:02 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ගම සමඟ පිළිසඳර 6 වන අදියර අද (16) ක්‍රියාත්මක වූයේ පොළොන්නරුව, මැදිරිගිරිය, දහම්වැව, වෙඩිකච්චිය ගමේ දී ය.

එහි දී දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.

ඒ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් එකතු විය.

“එන්න. හදපු කෙනා එපෑයැ විවෘත කරන්න. ඔබතුමා මේක විවෘත කරන්න” යැයි කියමින් ජනාධිපතිවරයා නව ගොඩනැඟල්ලේ සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කළේ ය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිත් සඣ්ජායනා මැද නව ගොඩනැඟිල්ල විවෘත කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස