ජනපති ගෝඨාට හරියන අගමැති සජිත්! මහින්ද නම් හරියන්නේ නෑ! – හරීන්

January 4, 2020 at 10:18 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගැළපෙන්නෙ සජිත් ප්‍රේමදාස වැනි අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ සඳහා ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කරගෙන මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගත් මඩ අවලාද ව්‍යාපාරය තීව්‍ර කිරීමට ද සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස