ජනපති ගෝඨාගේ උපන්දිනය අදයි! සැමරුම රුවන්මැලි සෑය අභියස! දැයක සුපැතුම් ගලයි! (photos)

June 20, 2020 at 9:27 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සිය 71 වන ජන්ම දිනය සමරයි. ජනාධිපතිවරයා සිය උපන් දිනය සැමරීම සඳහා අද අනුරාධපුර රුවන්මැලි සෑය වන්දනා කරමින් කප්රුක් පූජාවක සහ කිරි ආහාර පූජාවක නිරත වෙමින් ආශීර්වාද ලබා ගත්තේය.

පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ස දිවුරුම් දුන්නේ ද රුවන්මැලි සෑය අබියසදීය.

1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකු වේ.

යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.

අනතුරුව ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය ද දරමින් නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණි.

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස