ජනපති කොමිසමට අපෙන් ප්‍රශ්න කරන්න ඉඩදෙන්න එපා! – අනුර සහ ශානි අභියාචනාධිකරණයට…

July 13, 2020 at 4:19 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර ඇති නොතීසිය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කරන ලද පැමිණිල්ලකට අදාළව දේශපාලන පළිගැනිම් පිළිබද විමර්ශනය කෙරෙන කොමිසම විසින් අනුර දිසානායකට සහ ශානි අබේසේකරට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස