ජනපති කීව්වත් කඩිනමින් පළාත් සභා මැතිවරණ තියන්න බෑ…! – දිනේෂ්…

March 14, 2021 at 5:49 pm | by emanisa.lk

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබුණ ද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේ ය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *