එල්ල වූ මහජන විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව වාර්තා වේ.
පක්ෂ නායක හමුවක් කැඳවා තීන්දුවක් ගන්නා ලෙසත් ඕනෑ ම තීන්දුවකට තමා හිස නමන බවත් ජනාධිපතිවරයා අගමැති රනිල් වික්රමසිංහට පවසා ඇතැයි දැනගන්නට ඇත.
පක්ෂ නායක හමුවේ දී ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට යෝජනා කර ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.